අංක 2171/5 සහ 2020 අප්‍රේල් 16 දිනැති ගැසට් නිවේදනයේ උපලේඛන 1 මඟින් හඳුනාගත් අමුද්‍රව්‍ය ආනයනය තාවකාලිකව අත්හිටුවීම නිසා, ඔබගේ අපනයන සැකසුම් නිෂ්පාදන හෝ දේශීය වෙළෙඳපොල ඉලක්ක කරගත් නිෂ්පාදන සම්පුර්ණ කරගැනීමේ අපහසුවක් තිබේ නම්, ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන කිරීමට අවසරයක් අප දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.

ඒ සඳහා වෙබ් ලිපිනයේ http://www.imexport.gov.lk/index.php/si/downloads/importation-of-raw-material.html ඇති අයදුම්පත පුරවා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත ඊමේල් කරන්න, නැතහොත් ගෙනවිත් භාර දෙන්න.

අයදුම්පත ඉදිරිපත් කිරීමේදී පහත සදහන් කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න

  • ආනයනයට අදාළ ගෙවීම්, ආනයනය සිදු කර දින 90කින් පසු සිදු කළ යුතුය. එය නාමමාත්‍රිය ඉන්වොයිසියේ (Proforma Invoice) පැහැදිළිව සඳහන් වීම අවශ්‍ය වේ.
  • ඔබේ ව්‍යාපාරය,
    • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපාරයක් සහ ආනයනය සඳහා ඉල්ලුම් කරන අමුද්‍රව්‍ය ප්‍රති-අපනයන සැකසුම් හෝ අපනයන සැකසුම් සඳහා අවශ්‍ය නම් ඒ පිළිබඳව නිර්දේශ ලිපියක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ද,
    • වාණිජ කේන්ද්‍රීය ව්‍යාපාරයක් සහ ආනයනය සඳහා ඉල්ලුම් කරන අමුද්‍රව්‍ය අන්තරාල වෙළෙඳාම සඳහා අවශ්‍ය නම් ඒ පිළිබඳව නිර්දේශ ලිපියක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ද, (ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අයදුම්පත)
    • දේශීය ව්‍යාපාරයක් සහ ආනයනය සඳහා ඉල්ලුම් කරන අමුද්‍රව්‍ය අපනයන සැකසුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නම් ඒ පිළිබඳ නිර්දේශ ලිපියක් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ද, ලබාගෙන අයදුම්පත සමග එවිය යුතුය. (අපනයන සංවර්ධන මණ්ඩල අයදුම්පත)
    •  අපනයන සංවර්ධන මණ්ඩල අයදුම්පත මාර්ගගත ක්‍රමයට යොමු කිරීම සඳහා - https://www.srilankabusiness.com/announcements/#announcement_item_24
  • ඔබේ ව්‍යාපාරය, දේශීය ව්‍යාපාරයක් සහ ආනයනය සඳහා ඉල්ලුම් කරන අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳපොල ඉලක්ක කරගත් නිෂ්පාදනයක් සඳහා අවශ්‍ය නම්, එය ආනයනයට අවසරය ඍජුව අප දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුම් කළ හැක. (දෙපාර්තමේන්තු අයදුම්පත)
  • අයදුම්පත එවීමේදී, සඳහන් කර ඇති අනෙකුත් ලියකියවිලිද ඒ සමග එවීම අත්‍යවශය වේ.