2026 වර්ෂය සඳහා ජංගම දුරකථන සමූහ බලපත්‍ර (ඒකක 04) නිකුත් කිරීම.
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පූර්ණ වශයෙන් මාර්ගගතවීමත් සමඟ වෙළඳ පහසුකරණය කිරීම උදෙසා මෙවර ජංගම දුරකථන සඳහා සමූහ ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම ට තීරණය කර ඇත.
2026 වර්ෂය සඳහා පළමුවරට නව සමූහ බලපත්‍ර ලබා ගැනීම.
(අ) පළමුවරට සමූහ බලපත්‍රයක් ලබාගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් විසින් පහත සඳහන් මූලික සුදුුසුකම් සපුරා තිබිය යුතු ය.
- විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද වලංගු වෙළද බලපත්‍රයක් ලබා ගෙන තිබී ම.
- ආසන්න වසර 03ක කාලයක් තුළ අඛණ්ඩව ඒ්කල බලපත්‍ර ලබාගෙන තිබීම.
- ආසන්න වසර තුළදී ඒ්කල බලපත්‍ර 15-20ක් අතර ප්‍රමාණයක් ලබාගෙන තිබීම.
- ආසන්න වසර තුළ දී බලපත්‍ර කොන්දේසි හා ආනයන අපනයන පාලන නීති සහ රෙගුලාසි වලට අනුකූලව කටයුතු කර තිබීම.
(ආ) කොන්දේසි
- 2026 වර්ෂය සඳහා පළමුවරට සමූහ බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන ආනයනකරුවන් අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කර ඇත්නම් පමණක්, ඔවුනට 2025.11.15 දින සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකි අතර, සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බලපත්‍ර නිකුත් කිරීම 2025.12.31 දින සිදු කෙරේ. මෙලෙස 2026 වර්ෂය සඳහා නිකුත් කරන නව සමූහ බලපත්‍ර භාවිතා කරමින් 2025.12.31 දින හෝ ඊට පෙර භාණ්ඩ නැව්ගත කිරීම හෝ ගුවන්ගත කිරීම හෝ කළ නොහැක.
- විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද වලංගු වෙළඳ බලපත්‍රයෙහි කල් ඉකුත් වීමේ දිනය තෙක් සමුහ බලපත්‍රය නිකුත් කරන අතර, බලපත්‍රයේ කාලය දීර්ඝ කිරීම සඳහා අලුත් කරන ලද වෙළද බලපත්‍රය සමග අයදුම්පත මාර්ගගතව ඉදිරිපත් කල හැකිය .
- බලපත්‍ර ගාස්තුව ගණනය කිරීම:- වාර්ෂික ගාස්තුව රු.100,000.00ක් සහ ආනයනකරු විසින් ඉල්ලුම්කරනු ලබන බලපත්‍රයේ වටිනාකම පදනම් කරගනිමින් 2016.02.11 දිනැති අංක 1953/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි බලපත්‍ර ගාස්තුව ගණනය කරනු ලැබේ.
2026 වර්ෂය සඳහා ඔබ විසින් ලබාගන්නා සමූහ බලපත්‍රය ඉදිරි වර්ෂය සඳහා ද අඛණ්ඩව දීර්ඝ කර ගැනීම ඉහත පරිදිම සිදු කර ගත හැකි වේ.
ආනයන හා අපනයන පාලක ජනරාල්
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
දිනය: 2025.11.14




