2026 වර්ෂය සඳහා සමූහ බලපත්‍ර (ඒකක 01) නිකුත් කිරීම.
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පූර්ණ වශයෙන් මාර්ගගතවීමත් සමඟ වෙළඳ පහසුකරණය කිරීම උදෙසා මෙවර සමූහ ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් සරල කර තිබේ. එහිදී සාමාන්‍ය පරිදි සමූහ බලපත්‍රයක් ලබා ගැනීමේ පහසුකමට අමතරව 2025 වර්ෂයේ ඔබ විසින් ලබා ගෙන ඇති සමූහ බලපත්‍ර කාලය 2026 වර්ෂය සඳහා දීර්ඝ කර ගැනීමට ද පහසුකම් සලසා ඇත.
ඒ අනුව,
- පළමුවරට සමූහ බලපත්‍ර ලබා ගැනීම.
- 2026 වර්ෂය සඳහා නව සමූහ බලපත්‍ර ලබා ගැනීම.
- 2025 වර්ෂයේ ලබාගත් සමූහ බලපත්‍ර 2026 වර්ෂය සඳහා දීර්ඝ කර ගැනීම.
පහත සඳහන් දිනවල දී සිදුකරනු ලැබේ.
- පළමුවරට සමූහ බලපත්‍රයක් ලබාගැනීම.
(අ) පළමුවරට සමූහ බලපත්‍රයක් ලබාගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් විසින් පහත සඳහන් මූලික සුදුුසුකම් සපුරා තිබිය යුතු ය.
- (I) ආසන්න වසර 03ක කාලයක් තුළ අඛණ්ඩව ඒ්කල බලපත්‍ර ලබාගෙන තිබීම.
- (II) ආසන්න වසර තුළදී ඒ්කල බලපත්‍ර 15-20ක් අතර ප්‍රමාණයක් ලබාගෙන තිබීම.
- ආසන්න වසර තුළ දී බලපත්‍ර කොන්දේසි හා ආනයන අපනයන පාලන නීති සහ රෙගුලාසි වලට අනුකූලව කටයුතු කර තිබීම.
(ආ) කොන්දේසි
- (I) 2026 වර්ෂය සඳහා පළමුවරට සමූහ බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන ආනයනකරුවන් අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කර ඇත්නම් පමණක්, ඔවුනට 2025.11.06 දින සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකි අතර, සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බලපත්‍ර නිකුත් කිරීම 2025.12.31 දින සිදු කෙරේ.
- (II) බලපත්‍ර ගාස්තුව ගණනය කිරීම:- වාර්ෂික ගාස්තුව රු.100,000.00ක් සහ ආනයනකරු විසින් ඉල්ලුම්කරනු ලබන බලපත්‍රයේ වටිනාකම පදනම් කරගනිමින් 2016.02.11 දිනැති අංක 1953/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි බලපත්‍ර ගාස්තුව ගණනය කරනු ලැබේ.
- 2025 වර්ෂය සඳහා සමූහ බලපත්‍රයක් ලබාගෙන ඇති අයදුම්කරුවන් 2026 වර්ෂය සඳහා සමූහ බලපත්‍ර ලබා ගැනීම
2026 වර්ෂය සඳහා සමූහ බලපත්‍රයක් ලබාගැනීමට පහත සඳහන් ක්‍රමවේද ඔස්සේ අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
- 2026 වර්ෂය සඳහා නව සමූහ බලපත්‍රයක් ලබාගැනීම.
2026 වර්ෂය සඳහා නව සමූහ බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන සුදුසුකම් ලත් ආනයනකරුවන් හට 2025.11.06 දින සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කළ හැක. ඒ් සඳහා සමූහ බලපත්‍ර නිකුත් කිරීම 2025.12.31 දින සිදු කෙරේ. මෙලෙස 2026 වර්ෂය සඳහා නිකුත් කරන නව සමූහ බලපත්‍ර භාවිතා කරමින් 2025.12.31 දින හෝ ඊට පෙර භාණ්ඩ නැව්ගත කිරීම හෝ ගුවන්ගත කිරීම හෝ කළ නොහැක.
- 2025 වර්ෂය සඳහා ලබාගත් සමූහ බලපත්‍රයේ වලංගු කාලය 2026 වර්ෂයේ අවසානය තෙක් දීර්ඝ කිරීම.
2025.12.31 දිනෙන් අවසන් වන සමූහ බලපත්‍ර ඉදිරි වර්ෂය සඳහා ද වලංගු වන සේ 2026.12.31 දක්වා දීර්ඝ කිරීමට හැකියාව පවතින අතර ඒ සඳහා 2025.11.06 දින සිට මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. ඒ සඳහා ගාස්තු වශයෙන් වාර්ෂික බලපත්‍ර ගාස්තුව (රු.100,000.00) හා බලපත්‍රයේ වැඩි කරන ලද වටිනාකමට අදාලව 2016.02.11 දිනැති අංක 1953/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පරිදි බලපත්‍ර ගාස්තුව ගණනය කොට අය කරනු ලැබේ.
- වලංගු කාලය දීර්ඝ නොකරන ලද සමූහ බලපත්‍ර සඳහා හරපත් නිකුත් කිරීම.
ඉහත පරිදි වලංගු කාලය දීර්ඝ කිරීමකින් තොරව 2025 වර්ෂය සඳහා වන සමූහ බලපත්‍ර යටතේ සිදුකරනු ලබන සියලුම ආනයනයන්හි නැව හෝ ගුවන්යානය පිටත්වීමේ දිනය 2025.12.31 හෝ ඊට පෙර දිනයක් විය යුතුය . එසේ නැව්ගත / ගු වන්ගත කළ භාණ්ඩ 2026.01.01 දින හෝ ඊට පසු දිනයක දිවයින වෙත පැමිණේ නම් ආනයනකරුගේ ලිඛිත ඉල්ලීමක් (දෘඩ පිටපතක්) මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු අතර, අදාල ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතිය හරහා රේගු ප්‍රකාශනය (cusdec) ඉදිරිපත් කිරීමටත් ඉන්පසු හර කිරීමේ අයදුම්පතක් දෙපාර්තමේන්තුව වෙත මාර්ගගතව ඉදිරිපත් කර අදාල හර කිරීම සිදුකරවා ගැනීමටත් දෙපාර්තමේන්තුව විසින් ඉඩදෙනු ලැබේ.
ආනයන හා අපනයන පාලක ජනරාල්
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
දිනය: 2025.11.06




