2023.06.14 දිනැති අංක 2336/45 දරන අති විශේෂ ගැසට්පත්‍රය මඟින් 2023.06.14 දින සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි (HSCode 1101.00.10) ආනයනය බලපත්‍ර පාලනයට  (ICL) යටත් කර ඇත.

ඒ අනුව,පහත දක්වා ඇති අවස්ථාවන්ට අදාළව සිදු කරනු ලබන තිරිඟු පිටි ආනයනයන් සඳහා මෙම දෙපාර්තමේන්තුව විසින් ආනයන බලපත්‍ර නිකුත් කරනු ලැබේ.

  1. ආනයනය කරනු ලබන තිරිඟු පිටි තොග 2023.06.14 දින හෝ ඊට පෙර නැව්ගත කර තිබීම (2023.06.30 දින හෝ ඊට ප්‍රථම මෙරට වරාය වෙත ළඟා විය යුතුය).
  1. තිරිඟු පිටි ආනයනය සඳහා 2023.06.14 දින හෝ ඊට පෙර ණයවර ලිපියක් (LC) ස්ථාපනය කර තිබීම (2023.08.13 දිනට පෙර මෙරට වරායට ළගා විය යුතුය).
  1. තිරිඟු පිටි ආනයනය සඳහා 2023.06.14 දින හෝ ඊට ප්‍රථම පෙර අත්තිකාරම් ගෙවීමක්

       (Advance Payment) සිදුකර තිබීම (2023.08.13 දිනට පෙර මෙරට වරායට ළගා විය යුතුය).

2023.06.13 දින හෝ ඊට ප්‍රථම මෙරට වරාය වෙත ළගා වී ඇති තිරිඟු පිටි රේගු නිෂ්කාශනය සඳහා ආනයන බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවේ.