2022-03-09 දිනැති අති විශේෂ ගැසට් පත්‍ර අංක 2270/18 දරණ ආනයන පාලන රෙගුලාසි මගින් ඇතැම්  අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන බලපත්‍ර පාලනයට යටත් කොට ඇත.

තවද ඉහත ගැසට් පත්‍රය මගින් බලපත්‍ර පාලනයට යටත්කොට ඇති අයිතම සඳහා මෙම දෙපාර්තමේන්තුව මගින් බලපත්‍ර ලබා ගැනීමට එම ගැසට් පත්‍රයේ අංක 04 අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය ලබාගත යුතුය. එහෙත් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමන් විසින් පහත දක්වා ඇති අවශ්‍යතාවයන් සඳහා ඉහත සඳහන් ගැසට් පත්‍රය අනුව භාණ්ඩ ආනයනය කිරීම සඳහා පොදු නිර්දේශයක් මෙම දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බැවින් එම අරමුණු සඳහා භාණ්ඩ ආනයනය කිරීමේදී පහත දක්වා ඇති උපදෙස් අනුව බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත්‍ර මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිමි.  

i. තීරුබදු රහිත සාප්පු සංකීර්ණ හා නැව්වල ගබඩා අවශ්‍යතාවයන් සඳහා මෙන්ම ගුවන් තොටුපළ හා වරායන්වල මෙහෙයුම් කටයුතු සඳහා ආනයනය කරනු ලබන මද්‍යසාර, ඇල්කොහොල් සහිත පාන වර්ග හා චොකලට්,

ii. ශ්‍රී ලංකා රේගුව හා ආයෝජන මණ්ඩලයේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය යටතේ කරනු ලබන TIEP  වෙළඳාම හා  BOI  ව්‍යාපාර, විසින් සැකසීමේ හා ප්‍රති අපනයනය කිරීමේ අවශ්‍යතාවය මත  ආනයනය කරනු ලබන අමුද්‍රව්‍ය හා අතරමැදි භාණ්ඩ,

ඉහත භාණ්ඩ සඳහා ආනයන බලපත්‍ර ඉල්ලුම් කරන ආනයනකරුවන් පහත ක්‍රමවේදය අනුගමනය කිරීම අවශ්‍ය වේ.

  • මාර්ගගත  ක්‍රමය  මගින්  (Online)  මෙම  දෙපාර්තමේන්තුවෙහි  ලියාපදිංචි  වීම.  

   ( https://eservices.imexport.gov.lk )

  • අනතුරුව පහත පරිදි නිර්දේශ ලබා ගත යුතුය.
  • ආයෝජන මණ්ඩලයේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය යටතේ පවතින BOI ව්‍යාපාර සඳහා -      

     BOI  නිර්දේශය

  • මද්‍යසාර, ඇල්කොහොල් සහිත පාන වර්ග සඳහා - සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශය
  • අමුද්‍රව්‍ය ආනයනය සඳහා - නිෂ්පාදන අවශ්‍යතාවය සඳහා ආනයනය කරන බවට හා ප්‍රමාණය සඳහා BOI නිර්දේශය
  • ඉහත නිර්දේශ ලබාගැනීමෙන් පසු ආනයන පාලන බලපත්‍රය ලබාගැනීම සඳහා මෙම දෙපාර්තමේන්තුව වෙත මාර්ගගත ක්‍රමය මගින් ( Online) අයදුම් කිරිමට කටයුතු කිරීම

   ( https://eservices.imexport.gov.lk )