ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙතින් සේවාවන් ලබා ගන්නා සියලුම ආනයන හා අපනයනකරුවන්ට වඩාත් හොඳ සේවාවක් ලබා දීම සඳහා මෙම දෙපාර්තමේන්තුව විසින් මාර්ගගත (online) ක්‍රමයට ගෙවීම් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව සතුටින් දන්වමු.

අප දෙපාර්තමේන්තුවේ මාර්ගගත පද්ධතියේ ලියාපදිංචි වී ආනයන හා අපනයන පාලන බලපත්‍ර අයඳුම්පත් මාර්ගගතව (online) යොමු කරන, කොමර්ෂල්  බැංකු ගිණුම් හිමි සියලුම ආනයන හා අපනයනකරුවන්ට කොමර්ෂල් මාර්ගගත බැංකුකරණය (online banking) හරහා අප දෙපාර්තමේන්තුවට අදාල ගෙවීම් කටයුතු කල හැකිය.

මාර්ගගත පද්ධතියට පිවිසීම සඳහා  https://eservices.imexport.gov.lk/login  භාවිතා කරන්න.

කොමර්ෂල් මාර්ගගත බැංකුකරණය (online banking) හරහා ගෙවීම් කටයුතු කිරීම සම්බන්ධ තොරතුරු ඇතුළත් පරිශීලක අත්පොත (user manual) භාගත කිරීම මෙතනින්  <download>

 

ආනයන හා අපනයන පාලක ජනරාල්