විදේශ විනිමය වැය නොවන පදනම මත (Non Foreign Exchange - NFE) රත්‍රං ආනයනය කරන අවස්ථාවලදී TIEP (Temporary Import and Export Processing) යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි ආනයනකරුවන්ට ඒ සඳහා ආනයන බලපත්‍ර ලබා දීමට තීරණය කර ඇත. ඒ සඳහා අවශ්‍ය කටයුතු පහත පරිදි සිදු කළ යුතු වේ.

  1. මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති අංශයෙන් NFE අනුමැතිය ලබා ගත යුතු අතර, ඒ සඳහා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් NFE අනුමැතියට අදාළ අයදුම්පත සම්පුර්ණ කර එම අංශය වෙත ඉදිරිපත් කළ යුතුය.

(NFE අනුමැතිය ලබා ගැනීමට අදාළ අයදුම්පත බාගත කිරීමට මෙම link එක භාවිත කරන්න - http://www.imexport.gov.lk/images/Policy/Forms/F2.pdf )

  1. NFE අනුමැතිය ලද පසු රත්‍රං ආනයනය සඳහා මෙම දෙපාර්තමේන්තුවේ ඒකක 05 මඟින් බලපත්‍රය ලබා ගත යුතු ය. බලපත්‍ර ලබා ගැනීම සඳහා වූ අයදුම්පත අප නිල වෙබ් අඩවියෙන් බාගත කර, එම සම්පුර්ණ කරන ලද අයදුම්පත, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිර්දේශය සහ අදාළ සියලු ලිපි ලේඛන ඒකක 05 වෙත භාර දිය යුතුය.

(බලපත්‍ර ලබා ගැනීමට අදාළ අයදුම්පත බාගත කිරීමට මෙම link එක භාවිත කරන්න - http://www.imexport.gov.lk/images/Applications/Miscellaneous_N.pdf )

  1. TIEP යෝජනා ක්‍රමය යටතේ ආනයනය සඳහා අනුමැතිය ලබා ගන්නා ලද රත්‍රං ප්‍රතිඅපනයනය සඳහා පමණක් වන අතර කිසිඳු හේතුවක් මත දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් නො කළ යුතුය.