මෙම දෙපාර්තමේන්තුව විසින් 2021 ජූලි මස 31 වැනි දිනැති අංක 2238/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ස්වභාවික ඛණිජ හා කීලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයන බලපත්‍ර පාලනයට යටත් කර ඇත. එම අයිතම ආනයනය සඳහා බලපත්‍ර ලබා ගැනීමට ආනයනකරුවන් විසින් පහත පරිදි කටයුතු සිදු කළ යුතු ය.

  1. ඒ අනුව පහත සඳහන් සංයෝජිත වර්ගීකරණයන් සඳහා බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම්පත්‍ර මෙම දෙපාර්තමේන්තුවේ ඒකක 03 වෙත භාර දිය යුතු ය.
  1. එම අයිතම සඳහා බලපත්‍ර ලබා ගැනීමේ දී 05.31 දිනෙන් පසු දිනයක දී ජාතික පොහොර ලේකම් කාර්යලයේ අධ්‍යක්ෂක නිකුත් කරන ලද නිර්දේශය සහිතව ඉල්ලුම්පත්‍ර භාර දිය යුතු ය.
  1. පහත සඳහන් කර ඇති සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ කිසියම් භාණ්ඩයක් 05.06 දින සිට 2021.07.31 දක්වා වූ කාලය තුළ නැව්ගත කර ආනයනය කර ඇත්නම්, එම අයිතම සඳහා ද 2021.05.31 දිනෙන් පසු දිනයක දී ජාතික පොහොර ලේකම් කාර්යලයේ අධ්‍යක්ෂක නිකුත් කරන ලද නිර්දේශය සහිතව ඉල්ලුම්පත්‍ර භාර දිය යුතු ය.

(බලපත්‍ර ලබා ගැනීමට අදාළ අයදුම්පත බාගත කිරීමට මෙම link එක භාවිත කරන්න - අයදුම්පත්‍රය)

අදාළ රේගු සංකේත අංක ලැයිස්තුව - මෙතනින් 

 

ටී. වී. ඩී. දමයන්ති එස්. කරුණාරත්න

ආනයන හා අපනයන පාලක ජනරාල්