ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙතින් සේවාවන් ලබා ගන්නා සියලුම ආනයන හා අපනයනකරුවන්ට වඩාත් හොඳ සේවාවක් ලබා දීම සඳහා මෙම දෙපාර්තමේන්තුව විසින් මාර්ගගත (online) ක්‍රමයට අයඳුම්පත් භාර ගැනීමේ කටයුතු යොදා ඇති බව සතුටින් දන්වමු.

ඒ අනුව, 2021.08.02 දින සිට ආනයන හා අපනයන පාලන බලපත්‍ර ඉල්ලුම් කිරීමේ අයඳුම්පත් මාර්ගගතව (online) යොමු කිරීමට, ආනයන හා අපනයන පාලන බලපත්‍ර ලබාගන්නා සියලුම ආනයන හා අපනයනකරුවන් අප දෙපාර්තමේන්තුවේ මාර්ගගත පද්ධතියට පිවිස ලියාපදිංචි වී සිටීම අනිවාර්ය වේ.

 

මාර්ගගත පද්ධතියට පිවිසීම සඳහා  https://eservices.imexport.gov.lk/login  භාවිතා කරන්න.

ලියාපදිංචි වීම සඳහා උපදෙස් ඇතුලත් පරිශීලක අත්පොත (user manual) භාගත කිරීම මෙතනින් 

 

ලියාපදිංචි වීමෙන් පසු මාර්ගගත (online) ක්‍රමයට අයඳුම්පත් ඉදිරිපත් කල හැකි අතර 2021.08.16 දින සිට අයඳුම්පත් භාරගනු ලබන්නේ මාර්ගගත (online) ක්‍රමයට පමණක් බවද කාරුණිකව දන්වා සිටිමි.

 

 

ආනයන හා අපනයන පාලක ජනරාල්