කොවිඩ් 19 වසංගත තත්ත්වය සමාජය තුළ තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් පහත උපදෙස් නිකුත් කරමි. ඒ අනුව එම උපදෙස් 2021 අප්‍රේල් 22 දින සිට පිළිපදින ලෙස කාරුණිකව දැනුම් දෙමි.

අංක 2184/21 -2020 ජුලි මස 16 වැනි නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් පනවන ලද රෙගුලාසි වලට අනුව තාවකාලිකව අත්හිටුවන ලද හා ණය පදනම මත  මෙරටට ආනයන කිරීමට අදාල ආනයනික භාණ්ඩ සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා පහත පරිදි කටයුතු  කරන මෙන් දන්වා සිටිමි.

  1. දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පලකර ඇති ඉල්ලුම් පත සම්පුර්ණ කර එහි උපදෙස් වලට අනුකූලව ඔබගේ ගොනුව සමඟ මෙම ආයතනයේ පහළ මාළයේ ඇති ස්ථානයට භාර දී අංකයක් ලබා ගන්න (ඔබගේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය බැවින් මෙම අංකය සුරෑකිව තබා ගත යුතු වේ).

        (ඉල්ලුම් පත භාගත කිරීම - මෙතනින්)

  1. ඔබගේ ලිපි ගොණුව සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් ඇත්නම් එය අදාල කමිටුව වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා දීමට කටයුතු කරන අතර අනුමැතිය ලැබුණු පසු ඔබ අප වෙත ලබා දුන් දුරකථන අංකය මගින් අප විසින් දැනුම්දීමක් කරනු ඇත. ඒ අනුව මෙම ආයතනයට පැමිණිම හෝ දුරකථන ඇමතුම් ලබා දීම නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
  1. ගැසට් පත්‍රයේ උපදෙස්වලට පරිබාහිරව මුදල් ගෙවු හෝ භාණ්ඩ ගෙන්වු ඉල්ලුම්පත් ඉදිරිපත් නොකරන ලෙසද කාරුණිකව දන්වා සිටිමි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය සඳහා ඔබෙන් ලැබෙන සහයෝගය ඉතා අගේ කොට සලකමි.

 

ආනයන අපනයන පාලක ජනරාල්