පහත දැක්වෙන සංයෝජිත රේගු වර්ගීකරණ සංකේතාංක (HS CODES) යටතේ නිකුත් කෙරෙන සියළුම ආනයන පාලන බලපත්‍ර, පහත පරිදි භාණ්ඩ නැව්ගත කරන දින සිට අවමය දින 90ක හෝ දින 180ක ණය පහසුකමකට යටත්ව ගෙවීම් කිරීමේ කොන්දේසිය සහිතව නිකුත් කෙරෙන අතර, ණය පහසුකම් සැපයීම පිළිබඳ තහවුරු කෙරෙන ලිපියක් සැපයුම්කරු වෙතින් ලබාගෙන බලපත්‍ර සඳහා වන අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු වේ.

සංයෝජිත රේගු වර්ගීකරණ සංකේතාංක

අයිතමය

කාල සීමාව

2710.19.80

ස්නේහක තෙල්

දින 90

   

2713.20

පෙට්‍රෝලියම් ගල් තාර

3403.19.10

මෝටර් වාහන සඳහා භාවිතා කරනු ලබන ලිහිසි තෙල්

3403.99.10

මෝටර් වාහන සඳහා භාවිතා කරනු ලබන ලිහිසි තෙල්

 

 

සංයෝජිත රේගු වර්ගීකරණ සංකේතාංක

අයිතමය

කාල සීමාව

8443

මුද්‍රණ යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, ඡායා පිටපත් යන්ත්‍ර

දින 180

8517

ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ

8525

සන්නිවේදන උපකරණ

8471

පාවිච්චි කළ පරිගණක

9503

දුරස්ථ පාලක ක්‍රීඩා උපකරණ, වෝකිටෝකි, ඩ්‍රෝන යානා

ලපත්‍ර පාලනයට යටත් සියලු උප සංකේතාංක ඇතුළත් වේ.

 

දැනට වලංගු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමේදීද අදාළ කොන්දේසිය ඇතුළත් කෙරේ.