- ආනයන /අපනයන එ්කල බලපත්‍රයක වලංගු කාල සීමාව දින 90 ක් වේ.
- එම බලපත්‍රය තවදුරටත් දීර්ඝ කිරීමට ඉල්ලුම් කරන්නේ නම් එය කල් ඉකුත් වන දිනයේ සිට දින 30ක් ඇතුලත ඉල්ලුම් කළ යුතු වේ. එහිදී කල් ඉකුත් වන දිනට පෙර හෝ පසුව ඉල්ලුම් කළ ද බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කරනු ලබන්නේ කල් ඉකුත් වන දින සිට දින 90කට නොවැඩි කාලයක් සඳහා පමණි. දීර්ඝ කරනු ලබන කාලසීමාව බලපත්‍රයේ ස්වභාවය මත තීරණය කෙරේ.
- මෙම බලපත්‍ර අළුත් කිරීමේ දී කාලය දීර්ඝ කිරීම තෙවරක් සලකා බලනු ලබන අතර, බලපත්‍රයෙහි සම්පූර්ණ කාල සීමාව වසරක් ( මුලින්ම නිකුත් කළ දින සිට) වේ.
- වලංගු කාලය හැර වෙනත් සංශෝධන ඕනෑම වාර ගණනක් සිදු කළ හැකිය.
සමූහ බලපත්‍ර:-
- සෑම වර්ෂයකම දෙසැම්බර් 15 දින සිට ඊලඟ වර්ෂය සඳහා නිකුත් කිරීම ආරම්භ කෙරේ.
- මෙම බලපත්‍රවල වටිනාකම සංශෝධනය ( Enhancement) පවතින වටිනාකම ශූන්‍ය වී දින 30ක් ඇතුලත සිදු නොකළහොත් එම බලපත්‍රය අවලංගු වූවක් සේ සැලකේ.
ටී.වී.ඩී.දමයන්ති එස් කරුණාරත්න
ආනයන හා අපනයන පාලක ජනරාල්