මුල් පිටුව අප ගැන ‍‍සේවාවන් අංශ බලපත‍්‍ර දත්ත බාගත කිරීම ප්‍රවෘත්ති සහ සිද්ධීන් නිතර අසනු ලබන ප‍්‍රශ්න
 
සී අයි ඉ 01 - ඉල්ලීම්
සී අයි ඉ 02 - ඉල්ලීම්
සී අයි ඉ 03 - ඉල්ලීම්
 
 

නිතර අසනු ලබන ප‍්‍රශ්න ( FAQ )
සී අයි ඉ 01 - ඉල්ලීම්
  1. ප‍්‍රශ්නය - මේ යෝජනා ක‍්‍රමය යටතේ වාහනයක් ආනයනය කිරීමට සුදුසුකම් ලබන්නේ කවරෙක් ද ?

    පිළිතුර - විදේශගත වී විදේශ විනිමය උපයා ගනු ලැබූ ශ්‍රී‍්‍ර ලාංකිකයින්.


  2. ප‍්‍රශ්නය - මේ යෝජනා ක‍්‍රමය යටතේ ආනයනය කරනු ලැබිය හැකිවන්නේ කවර වර්ගයේ වාහනයක් ද ?

    පිළිතුර - අවුරුදු 10කට වඩා පැරණි නොවන කාර්, ජීප්, වෑන් හෝ කැබ් රථ.


  3. ප‍්‍රශ්නය - ඉල්ලුම්කරු විසින් සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා කවරේද ?

    පිළිතුර - අදාළ වාහනය අවුරුදු 5ට අඩු නම් : යටත් පිරිසයින් අවුරුද්දක්වත් ඉල්ලුම්කරුගේ නමට වාහනය ලියාපදිංචි කර ඔහු එය පාවිච්චි කර තිබිය යුතු ය. අදාළ වාහනය අවුරුදු 5-10 අතර පැරණි නම් :යටත් පිරිසයින් අවුරුදු 3ක්වත් ඉල්ලලුම්කරුගේ නමට වාහනය ලියාපදිංචි කර සහ ඔහු එය පාවිච්චි කර තිබිය යුතු ය.


  4. ප‍්‍රශ්නය - මේ යෝජනා ක‍්‍රමය යටතේ ආනයනකරුවන්ට ලැබෙන ප‍්‍රතිලාභය කවරේද ?

    පිළිතුරු - හොඳ තත්ත්වයේ යුතු පාවිච්චි කරන ලද වාහනයක් අඩු මිලට ඔබට මිලදී ගත හැකි වන අතර ඔබ ආපසු මව් රටට යන විට එය ද මව් රටට ආනයනය කළ හැකි වන්නේය.


  5. ප‍්‍රශ්නය - මේ යෝජනා ක‍්‍රමය යටතේ ආනයනය කළ නොහැකි වාහන කවරේද ?

    පිළිතුර - (අ) අවුරුදු 10 ට වඩා පැරණි වාහන
              (ආ) වමතින් පදවනු ලබන වාහන


  6. ප‍්‍රශ්නය - මේ යෝජනා ක‍්‍රමය යටතේ වාහනයක් ආනයනය කිරීම සඳහා ඔබ සුදුසුකම් ලබන කාල සීමාව ?

    පිළිතුර - අවුරුදු පහකට එක් වතාවක් ඔබ වාහනයක් ආනයනය කිරීම සඳහා සුදුසුකම් ලබන්නේය.


  7. ප‍්‍රශ්නය - මේ යෝජනා ක‍්‍රමය යටතේ වාහනයක් අපනයනය කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන කවරේද ?

    පිළිතුර - ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුවේ 2 වන ඒකකයට පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතු ය.

       (අ) නිසි පරිදි සම්පූර්ණ කරන ලද සීඅයිඉ 06 ආකෘති පත‍්‍රය.

       (ආ) වාහනයේ ඡායාරූප දෙකක් (පරිමාන දෙකක)

       (ඇ) ඉල්ලුම්කරුගේ නමට වාහනය ලියාපදිංචි කර ඇති බව සනාථ කිරීම සඳහා වූ ලියාපදිංචි කිරීමේ සහතිකය (ලියාපදිංචි සහතිකය)

       (ඈ) ඉල්ලුම්කරු විදේශ විනිමය උපයා ඇති බව සනාථ කිරීම සඳහා වූ බැංකු ප‍්‍රකාශන.

       (ඉ) ගමන් බලපත‍්‍රයේ, වීසා පිටුවල, ඉල්ලුම්කරුගේ ඡායාරූපය ඇති පිටුවේ, රටින් පිට වූ බවට සටහන ඇති පිටුවේ සහ රටට ඇතුලු වූ බවට සටහන ඇති පිටුවේ ඡායාස්ථ පිටපත්

       (ඊ) වාහන පරික්ෂකගේ සහතිකය

* බලපත‍්‍ර ගාස්තුව පහත සඳහන් පරිදි අය කරනු ලැබේ.

වාහනයේ වයස (වර්ෂ) බලපත‍්‍ර ගාස්තු (සී අයි එෆ් අගය මත)
3 ½ 03%
5-7 05%
7-8 07%
8-9 09%
9-10 12%

සී අයි ඉ 02 - ඉල්ලීම්
  1. ප‍්‍රශ්නය - වාහනය පරිත්‍යාග කළ හැක්කේ කවරෙකුට ද?

    පිළිතුර - විදේශ රටක සේවා නියුක්තිය ඇති තැනැත්තකු විසින් ඔහුගේ හෝ ඇයගේ මවට / පියාට / සොහොයුරකුට / සොහොයුරියකට / භාර්යාවට / ස්වාමිපුරුෂයාට සහ මෙරටෙහි ජීවත් වන දරුවන්ට.

  2. ප‍්‍රශ්නය - ආනයනය කළ හැක්කේ කවර වර්ගයේ වාහනයක් ද?

    පිළිතුර - අවුරුදු 5 කට වඩා පැරණි නොවන කාර්, ජීප්, වෑන් හෝ කැබ් රථ.

    එන්ජින් ධාරිතාව
      පෙට‍්‍රල් ඩීසල්
    කාර් 1800 2300
    ජීප්, වෑන්, කැබ් 2800 3000


  3. ප‍්‍රශ්නය - මේ යෝජනා ක‍්‍රමය යටතේ ආනයනකරුවකුට වාසිදායක වන්නේ කෙසේද?

    පිළිතුර - ශ්‍රී‍්‍ර ලංකාවේ සිටින ඥාතියකුට පරිත්‍යාග කිරීම සඳහා පාවිච්චි කරන ලද වාහනයක් අඩු මිලට මිලදී ගැනීම.

  4. ප‍්‍රශ්නය - මේ යෝජනා ක‍්‍රමය යටතේ ආනයනය කළ නොහැකි වාහන කවරේද?

    පිළිතුර - (අ) අවුරුදු 5 ට වඩා පැරණි වාහන.
             (ආ) වමතින් පදවනු ලබන වාහන


  5. ප‍්‍රශ්නය - මේ යෝජනා ක‍්‍රමය යටතේ වාහනයක් ආනයනය කිරීම සඳහා ඔබ සුදුසුකම් ලැබූ ප‍්‍රභවය කවරේද?

    පිළිතුර - අවුරුදු 5 කට වරකි.


  6. ප‍්‍රශ්නය - මේ යෝජනා ක‍්‍රමය යටතේ වාහනයක් ආනයනය කිරීම සඳහා බලපත‍්‍රයක් ලබා ගැනීමට ඉදිරිපත් කළ යුතු ලේඛන කවරේ ද?

    පිළිතුර - ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුවේ ඒකක අංක 02 ට පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතු ය.

        (අ) නිසි පරිදි සම්පූර්ණ කරන ලද සී අයි ඉ 8අ සහ සී අයි ඉ 8ආ ආකෘති පත‍්‍ර.
           ප‍්‍රදානකරු-සී අයි ඉ 8ආ
           ප‍්‍රදාන ලාභි-සී අයි ඉ 8අ

        (ආ) වාහනයේ පරිමාණ දෙකක ඡායාරූප දෙකක්

        (ඇ) වාහනය ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක්

        (ඈ) පරිත්‍යාග කරන්නාගේ විදේශ ඉපයුම් පිළිබඳ සහතිකයක් සහ ශ්‍රී‍්‍ර ලංකාවට මුදල් එවූ බවට සනාථ කිරීම සඳහා බැංකු ප‍්‍රකාශයක්.

        (ඉ) පරිත්‍යාග කරන්නා විදේශගතව සිටි බව සනාථ කිරීම සඳහා ඔහුගේ ගමන් බලපත‍්‍රයේ වීසා පිටුවේ, රටින් පිටවූ බවට සටහන් කරන ලද පිටුවේ සහ ගමන් බලපත‍්‍රය දරන්නාගේ ඡායාරූපය තිබෙන පිටුවේ ඡායාස්ථ පිටපත්.

        (ඊ) විදේශ සේවා නියුක්තිය පිළිබඳ සහතිකය

        (උ) පරිත්‍යාග කරන්නාගේ සහ පරිත්‍යාග ලබන්නාගේ ඥාතිත්වය සනාථ කිරීම සඳහා අදාළ ලේඛන.

        (ඌ) වාහනයේ තත්ත්වය පිළිබඳ සහතිකයක්.

    * වාහනයේ සී අයි එෆ් අගයෙන් 15% ක් බලපත‍්‍ර ගාස්තුවක් වශයෙන් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු ය.


සී අයි ඉ 03 - ඉල්ලීම්
  1. ප‍්‍රශ්නය - වාහනය නවීකරණ කිරීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමක්ද?

    පිළිතුර - ඔබගේ වාහනයේ බඳ කොටස දිරාපත්ව ඇත්නම් අලුත් බඳ කොටසක් සවි කිරීම වේ.


  2. ප‍්‍රශ්නය - ඒ සඳහා වන අවශ්‍යතාවයන් මොනවාද?

    පිළිතුර - පහත දැක්වෙන අවශ්‍යතාවන් සම්පූර්ණ කල යුතු ය.

        (අ) වාහනය ඔබගේ නමින් ලියාපදිංචි කළ යුතු ය.

        (ආ) වාහනයේ බඳ කොටස චැසියෙන් වෙන් කිරීමට හැකි විය යුතු ය.

        (ඇ) වාහනයේ බඳ කොටස සේවා කිරීම කළ නොහැකි (unserviceable ) විය යුතු ය.

        (ඈ) වාහනයේ චැසිය හොඳ තත්ත්වයෙන් පැවතිය යුතු ය.


  3. ප‍්‍රශ්නය - ඉහත අවශ්‍යතා සම්පූර්ණ කර තිබේ නම් ඔබ විසින් කුමක් කළ යුතුද?

    පිළිතුර - පහත දැක්වෙන අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු ය.

        (අ) නිසි පරිදි සම්පූර්ණ කරන ලද සී අයි ඉ - 1 ආකෘති පත‍්‍රය. ( Indent )

        (ආ) වාහනය බඳ කොටසින් චැසිය වෙන් කළ හැකි බවට සහ වාහනයේ බඳ/ චැසිය සේවා කළ නොහැකි (unserviceable ) තත්ත්වයක පවතින බවට ඉල්ලුම්කරු විසින් ප‍්‍රකාශයක් කළ යුතු ය.

        (ඇ) ඉල්ලුම්කරු විසින් තම ලිපියෙහි වාහනය පරික්ෂා කළ හැකි ස්ථානය සහ ඔහුගේ දුරකථන අංකය සඳහන් කළ යුතු ය.

        (ඈ) වාහනයේ ඡායාරූප පහක් (05) භාර දිය යුතු ය. (වාහනයේ හතර පැත්ත සහ අහසින් දිස්වන ආකාරය )

        (ඉ) මෝටර් වාහන රෙජිස්ට‍්‍රාර් විසින් නිකුත් කරන ලද වාහනය ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් එහි මුල් පිටපත සමග.

        (ඊ) ඔබේ වාහනය සඳහා බඳෙහි පිටකටුවක් ( body shell ) සම්බන්ධයෙන් විදේශ සැපයුම්කරුවකුගෙන් භාණ්ඩ නැව්ගත කිරීමට පෙර වූ භාණ්ඩ ලේඛනයක්. අදාළ සේවා ගාස්තුව ගෙවන ලද ලදුපතෙහි පිටපතක්.


  4. ප‍්‍රශ්නය - ඔබගේ වාහනයට බඳහි පිටකටුවක් (body shell ) සවි කළ යුතු ද යන බව අප තීරණය කළ හැක්කේ කෙසේද?

    පිළිතුර - දෙපාර්තමේන්තුව විසින් පත් කරනු ලැබූ පරීක්ෂණ මණ්ඩලයක් විසින් වාහනය පරික්ෂා කිරීමෙන් අනතුරුව තීරණය කරනු ලබයි.

  5. ප‍්‍රශ්නය - වාහනය හොඳ තත්ත්වයෙන් පවතින අතරතුරදී වාහනයේ චැසිය දිරාපත් වුවහොත්?

    පිළිතුර - ඒ සම්බන්ධයෙන් ද ඉහත සම්බන්ධ කි‍්‍රයා පටිපාටිය අදාළ කර ගත යුතු ය.
 
ඉහලට ^
 
© 2007 Department of Import and Export Control All Rights Reserved – Developed in Association with ICTA Site By lankaCom