මුල් පිටුව අප ගැන ‍‍සේවාවන් අංශ බලපත‍්‍ර දත්ත බාගත කිරීම ප්‍රවෘත්ති සහ සිද්ධීන් නිතර අසනු ලබන ප‍්‍රශ්න
 
පරිපාලන අංශය
ප‍්‍රතිපත්ති අංශය
ගිණුම් අංශය
බලපත‍්‍ර අංශය
තොරතුරු තාක්ෂණ අංශය
 

අංශ

පරිපාලන අංශය

දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන විධායක නිලධරයා වන්නේ ආනයන සහ අපනයන පාලන වරයාය. ඔහු යටතේ නියෝජ්‍ය පාලකවරයකු සහ සහකාර පාලකවරයන් සිටිති.

නියෝජ්‍ය පාලකවරයා දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය පරිපාලනය සම්බන්ධයෙන් ආනයන සහ අපනයන පාලකවරයාට ඍජුවම වගකිව යුතු වන්නේය.

ප‍්‍රතිපත්ති අංශය

ආණ්ඩුව විසින් ගනු ලබන ප‍්‍රතිපත්ති තීරණ මත ආනයන සහ අපනයන වෙළදාම භාර ගරු අමාත්‍යවරයා විසින් වරින් වර, ආනයන සහ අපනයන වෙළඳාම සම්බන්ධ නියෝග සාදනු ලබයි. ඒ නියෝග ප‍්‍රකාශයට පත් කිරීම සහ කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රතිපත්ති භාජක විසින් ආවරණය කරනු ලබන විෂය පථය වන්නේය. මේ ප‍්‍රතිපත්ති භාජක ආනයන සහ අපනයන පාලකවරයාගේ ඍජු පාලනයට යටත් වන්නේය.

ගිණුම් අංශය

නියෝජ්‍ය පාලකවරයා (මුදල්) දෙපාර්තමේන්තවේ ගිණුම් ක‍්‍රමය සම්බන්ධයෙන් ආනයන සහ අපනයන පාලකවරයාට ඍජුවම වගකිව යුතු වන්නේය.

ගිණුම් අංශයේ ප‍්‍රධාන කර්තව්‍ය වන්නේ ආදායම් එකතු කිරීම, ගිණුම් කිරීම සහ එකතු කරනු ලැබූ ආදායම් ආණ්ඩුවේ ආදායමට බැර කිරීම වේ.

බලපත‍්‍ර අංශය

බලපත‍්‍ර ඒකකවල ප‍්‍රධාන කර්තව්‍ය වන්නේ ආනයන අපනයන පාලන බලපත‍්‍ර නියමයන්ට යටත් භාණ්ඩ සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම වේ. යම් බලපත‍්‍රයක් මත භාණ්ඩ ලබා ගැනීමෙන් පසු බලපත‍්‍රය හර කිරීම බලපත‍්‍ර ඒකකයක් විසින් ඉටු කරනු ලබන තවත් වැදගත් කර්තව්‍යයක් වන්නේය.

ඒකක 01 -> ඹෟෂධ
ඒකක 02 -> වාහන
ඒකක 03 -> රසායනික ද්‍රව්‍ය
ඒකක 04 -> විදුලි සංදේශ උපකරණ සහ විවිධ භාණ්ඩ
ඒකක 05 -> අපනයන

තොරතුරු තාක්ෂණ අංශය

දැනට බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා ජාලයක් වැඩි දියුණු කොට සකස් කරගෙන ඇත. තොරතුරු තාක්ෂණ කාර්ය මණ්ඩලයේ ප‍්‍රධාන කර්තව්‍ය වන්නේ එලදායිතාව වර්ධනය කිරීම පහසු කිරීම සඳහා පද්ධතිය වැඩි දියුණු කිරීම වේ.

ඉහලට ^
 
© 2007 Department of Import and Export Control All Rights Reserved – Developed in Association with ICTA Site By lankaCom