මුල් පිටුව අප ගැන ‍‍සේවාවන් අංශ බලපත‍්‍ර දත්ත බාගත කිරීම ප්‍රවෘත්ති සහ සිද්ධීන් නිතර අසනු ලබන ප‍්‍රශ්න
 
දැක්ම
“වඩාත් හොඳ අනාගතයක් සඳහා ප‍්‍රජාව සහ පරිසරය ආරක්ෂා කිරීම”
මෙභෙවර
“ආනයන අපනයන පාලන පනතට අනුකූලව, රටෙහි ආරක්ෂාව, ආර්ථිකය, මහජන සෞඛ්‍ය පරිසරය ආදිය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් වරින් වර ගනු ලබන ආනයන සහ අපනයන ප‍්‍රතිපත්ති තීරණ කි‍්‍රයාත්මක කිරීම”
 
අප ගැන
රට තුලට භාණ්ඩ ආනයනය කිරීම සහ රටින් භාණ්ඩ අපනයනය කිරීම පාලනය කිරීමේ අදහස ඇතිව 1969 අංක 1 දරන පනත මගින් ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුව වෙන්වූ දෙපාර්තමේන්තුවක් ලෙස පිහිටුවන ලදි.

ආනයන සහ අපනයන මුළුමනින්ම පාහේ බලපත‍්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවකට යටත් වූ නිසා මේ දෙපාර්තමේන්තුව විසින් රටෙහි ආර්ථිකයෙහි ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටු කරන ලදි. ආනයන සහ අපනයන සම්බන්ධයෙන් සීමා කිරීම් බොහොමයක් පැවති භෙයින් දෙපාර්තමේන්තුව විසින් ඉටුකරන ලද වැඩ ප‍්‍රමාණය අධික විය.

වර්ෂ 1977 දී ආරම්භ වූ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය ප‍්‍රකාරව ආනයන සහ අපනයන සම්බන්ධව පැවති සීමා කිරීම් බොහොමයක් ලිහිල් කරන ලදි. එවක් පටන්, ඖෂධ, රසායනික ද්‍රව්‍ය, විදුලි සංදේශ උපකරණ, ගිවිඅවි ආදිය සම්බන්ධයෙන් හැර ආනයන සහ අපනයන භාණ්ඩ සඳහා වූ බලපත‍්‍ර‍්‍ර ලබා ගත යුතු බවට වූ අවශ්‍යතාවය ඉවත් කරන ලදි. රටේ ජනතාවගේ සෞඛ්‍ය, පරිසරය, ආර්ථිකය, ආරක්ෂාව සම්බන්ධයෙන් අහිතකර බලපෑම් ඇති කරන අනවශ්‍ය ආනයනයන් රට තුලට ඇතුල්වීම මගහැරීමේ අදහස ඇතිව මේ සීමා කිරීම් පනවන ලදි.
දැක්ම
“වඩාත් හොඳ අනාගතයක් සඳහා ප‍්‍රජාව සහ පරිසරය ආරක්ෂා කිරීම”


මෙභෙවර
“ආනයන අපනයන පාලන පනතට අනුකූලව, රටෙහි ආරක්ෂාව, ආර්ථිකය, මහජන සෞඛ්‍ය පරිසරය ආදිය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් වරින් වර ගනු ලබන ආනයන සහ අපනයන ප‍්‍රතිපත්ති තීරණ කි‍්‍රයාත්මක කිරීම”

පරමාර්ථ
  1. ආනයන සහ අපනයන වෙළඳාම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම.
  2. ජනතාවගේ ජීවිත වලට අහිතකර වූ භාණ්ඩ ආනයනය කිරීම මගහැරවීම.
  3. දේශ්‍රීය නිෂ්පාදන සහ කර්මාන්ත ආරක්ෂා කිරීම.
  4. අපනයන ද්‍රව්‍ය වල ජාතික අනන්‍යතාව ආරක්ෂා කිරීම.
  5. ආනයනික භාණ්ඩ වල තත්වය පවත්වාගෙන යාම.
  6. ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් වූ විදේශ විනිමය අනිසි ලෙස භාවිතා කිරීම මගහැරවීම.
කර්තව්‍ය
  1. ආනයන සහ අපනයන පාලන නියමයන් යටතේ බලපත‍්‍ර නිකුත් කිරීම.
  2. බලපත‍්‍ර ගාස්තු එකතු කිරීම.
  3. ආනයන සහ අපනයන සම්බන්ධයෙන් වූ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීම සඳහා වූ නියෝග ප‍්‍රකාශයට පත් කිරීම.
  4. ආනයන සහ අපනයන පාලන නියෝග සම්බන්ධයෙන් වූ කාරණා ගැන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ විනිමය පාලකට උපදෙස් දීම සහ සහය වීම.
 
සංවිධාන ව්‍යුහය
 
ඉහලට ^
 
© 2007 Department of Import and Export Control All Rights Reserved – Developed in Association with ICTA Site By lankaCom